ඩිජිටල් අධ්‍යාපනයේ සැමදේම සැමටම
ඩිජිටල් ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමුවන ඔබට අවශ්‍ය සැම දේම එක් ස්ථානයක් තුලදී සැපයීමට අපි සූදානම්ව සිටිමු. ගුරුවරුන් ශිෂ්‍යයින් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නියුතු සියලු දෙනාම වෙනුවෙන් අපගේ සේවාවන් ක්‍රියාත්මක වේ. අපගේ සේවා අංශ
ඩිජිටල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමුවන ගුරු සිසු දෙපක්ෂයටම අවශ්‍ය පාඨමාලා හා පුහුණුවීම් පැවැත්වීම මෙමගින් සිදු කෙරේ. තාක්ෂණික දැනුම ලබාදීමේ පාඨමාලා, අධ්‍යාපන විද්‍යාව පාඨමාලා, තොරතුරු සාක්ෂරතා පාඨමාලා අදී විවිධ පාඨමාලා ගුරුවරුන් වෙනුවෙන්ද, සිසුන් වෙනුවෙන්ද පැවැත්වේ.
ඩිජිටල් ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමුවන ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට අවශ්‍ය උපකරණ වෙළදපොල පෙන්වා දීම සහ ගැලපෙන උපාංග මිටල ගැනීමට අවස්ථාව ලබා දේ. එසේම ගුරුවරුන්ට අවශ්‍ය ඉගෙනුම් ආධාරක සකස් කර ගැනීමට මෙන්ම ප්රචාරක ආයතනය වල සහය ලබා ගැනීමට හැකියාව ඇත.
ඩිජිටල් ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමුවන ගුරු සිසු දෙපක්ෂයටම තමන්ගේ කටයුතු හැකියාවන් අධ්‍යයනය කර ඉදිරි වැඩකටයුතු සදහා මග පෙන්වීම සලස්වන සේවයකි. ඒ සදහා උපදේශක වරයෙකු ගේ සේවය ලබා ගත හැකි අතර ඔහු සමග සාකච්ඡා කර තමන්ගේ කටයුතු සැලසුම් කර ගත හැකිය.
සිසුනට අන්තර්ජාලය හරහා ඉගැන්වීම සිදුකරන ගුරුවරුන් පිළිබදව දැනුවත් කිරීම මෙමගින් සිදුකෙරේ. අදාල ගුරුවරුන් ඔවුන්ගේ විෂය දැනුම, අධ්‍යාපනය පිළිබද දැනුම, ඩිජිටල් සාක්ෂරතාවය සහ උපකරණ භාවිතය යන කාරණා ඔස්සේ ඇගයීම් සිදුකර ඔවුන්ව ශ්‍රේණිගත කිරීම තුලින් සිසුන්ට මෙන්ම දෙමාපියන්ට ගුරුවරුන් පිළිබද පූර්ව නිගමනයකට ඒමට හැකියාව ඇත.
We provide the perfect service for you.
අන්තර්ජාල ගුරුවරුන් සදහා ඩිජිටල් සාක්ෂරතාවය - මූලික පාඨමාලාව
අන්තර්ජාල ගුරුවරුන් සදහා ඩිජිටල් සාක්ෂරතාවය - උසස් පාඨමාලාව
ගුරුවරුන් සදහා තොරතුරු සාක්ෂරතාවය ආරම්භක පාඨමාලාව